Toyota Supra

Toyota Supra IV Generation

<p> Toyota Supra (ටොයොටා සුප්රා) යනු රථවාහන වලට ආස කරන කාගෙත් හිත් දිනාගත් ස්පොර්ට් මාදලියේ මෝටර් රථයකි.ජාපානයෙ නිෂ්පාදනය කෙරුනු මෙම මෝටර් රථය 1978 වසරේ සිට 2002 වසර දක්වා පරම්පරා 4ක් (4 Genarations) යටතේ නිෂ්පාදනය කිරීම් සිදුකර ඇත.Toyota Supra ස්පොර්ට් කාර් එක නිෂ්පාදනය වීමට ඉවහල් වී ඇත්තේ Toyota Celica මෝටර් රථයෙනි.මෙම මෝටර් රථයේ පරම්පරා 4 පිලිවෙලින් ,

1. First generation (A40/A50; 1978–1981)
2. Second generation (A60; 1981–1986)
3. Third generation (A70; 1986–1993)
4. Fourth generation (A80; 1993–2002)

4 වන පරම්පරාව
ලොව පුරා මෝටර් රථ ලෝලින්ගෙ වැඩිම ආදරයක් දිනාගැනීමට 4වන පරම්පරාවෙ Toyota Supra රථයට හැකි විය.1993 සිට 2002 දක්වා නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.මෙම මෝටර් රථයේ නිර්මාන සැලසුම් කරන්නා වූයේ Isao Tsuzuki නම් නිර්මානශිල්පියාය.මෙම මෝටර් රථයේ එන්ජිම

* 2,997 CC (2.997 L; 182.9 cu in) 2JZ-GE I6 (petrol)
* 2,997 CC (2.997 L; 182.9 cu in) 2JZ-GTE I6-T (petrol)
ලෙස ආකර දෙක්කින් වෙළදපලට නිකුත් කෙරිනි.
2JZ-GE යන මාදලිය 220 හොර්ස්පවර් (Horsepower) ද, 2JZ-GTE යන මාදලිය 276 – 326 හොර්ස්පවර් (Horsepower) ද වේ.ගියර පද්ධතිය අනුව මෙම ස්පොර්ට් කාර් එක වර්ග 3කි.
* 5-speed W58 manual
* 6-speed V16x manual
* 4-speed A340E automatic

{ Fast and the Furious ප්‍රථම Movie එකේ Paul Walker විසින් Toyota Supra මෝටර් රථයකි ධාවනය කරනු දැකගත හැකි අතර එම මෝටර් රථය $185,000 ක මුදලකට වෙන්දේසි කර ඇත.} ලොව පුරා සුවහසක් මෝටර් රථ ලෝලින්ගෙ ආදරය දිනාගත් මෙම රථය ශ්‍රි ලන්කාවෙද යුනිට් කිහිපයක් පමනක් දක්නට හැකියාව ඇත.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Design a site like this with WordPress.com
Get started
search previous next tag category expand menu location phone mail time cart zoom edit close